(දිලීප් ජයසේකර)
තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි පාසල් දැරියක බලහත්කාරයෙන් ලිංගික අපයෝජනය කළැයි ඇල්ලගල ප්‍රදේශයේ තරුණයකුට වසර 07ක බර වැඩ සහිත සිර දඩුවම් හා වින්දිත දැරියට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු අජිත් එම් . මාසිංහ මහතා අද (18) නියෝග කළේය.
2008.02.22 සිදුවූ එම අපරාධය සම්බන්ධයෙන් අධිකරණයේදි ඉදිරිපත් වු සියළු සාක්ෂි සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා එම දඩුවමට අමතරව රුපියල් 2500ක දඩයක්ද නියම කළ අතර දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස 06ක සිර දඩුවම්ද,වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් වසරක ලිහිල් වැඩ සහිත සිර දඩුවම්ද නියම කළේය.

