දැරිය මරුකටින් බේරාගනියි.
තම හොඳම මිතුරා අමනාප විමෙන් ඇතිවූ තරහ මත මව සමග මහමග ගමන් ගත් දැරියක් (6) පැහැරගෙන ඇගේ ගෙළ මත තියුණු පිහියක් තබා දැරිය මරා දමන බවට තර්ජනය කළ පුද්ගලයකුගෙන් එම දැරිය බේරා ගැනීමට චීන පොලිසියට පැයකට අධික කාලයක් ගතවිය. චීනයේ ෂෙන්සෙන් නගරයේ ප‍්‍රධාන මාර්ගයක් මැද වූ මෙම සිදුවීමේදී එම පුද්ගලයාට වෙඩි තැබීමට පවා චීන පොලීසියට අවසර ලැබී තිබුණද උපක‍්‍රමශීලීව ඔහුට පහර දී දැරිය බේරා ගැනීමට පොලීසියට හැකි විය.

