දැයට කිරුළට ඉදිකළ පාරේ සාම්පල් ගනිති


දැයට කිරුළ සමයේ ඇලයා පත්තුවේ ඔයාමඩුවේ කිලෝමීටර් 3ක් දිගට ඉදිකළ මහ පාර ප්‍රමිතියෙන් තොර බවට ලැබුණු පැමිණිල්ලක් අනුව මාර්ග සංවර්ධන අධිකාරිය එම මාර්ගයේ තැන තැන හාරා සාම්පල් ලබා ගත්තේය. හිටපු මහා ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ කාලයේ දී පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මෙම මාර්ගය ඉදිකිරීමට රුපියල් අට කෝටි අසූ අට ලක්ෂයක් වැය කළැයි කියති. මාර්ගය පිළිසකර කිරීමේදී අඩි තුන හමාරක් හෝ හතරක් ඉසවිය යුතුව ඇතත් ඇතැම් තැන් අඟල් 5කට වඩා උස්කර නැතැයි කියති.