දැයට කිරුළ නෝනාට ඇප


අම්පාර දැයට කිරුළ ප්‍රදර්ශනයේ යටිතල පහසුකම් සැපයීමේදී රජයට රුපියල් තුන් කෝටි අනූ ලක්ෂයක් වංචා කළැයි  සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි හිටපු ප්‍රධාන විධායක කාන්ති ගුණවර්ධන   රුපියල් පනස් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහදා අද නියෝග කළේය.

වැසිකිළි සැපයෑමේ කොන්ත්‍රාත්තුවක් සම්බන්ධයෙන් ඇයට එරෙහිව පැමිණිලි ගොනු කර ඇත. වැසිකිළි සදහා මුදල් ගෙවා ඇති නමුත් එක් වැසිකිළියක්වත් සාදා නැතැයි රහස් පොලිසිය අධිකරණයට වාර්තා කර තිබිණි.