(විනීතා එම් ගමගේ)
පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් අතර ද්විත්ව පුරවැසි භාවය ඇත්තේ ගීතා කුමාරසිංහ මහත්මියට පමණක්යැයි ආගමන විගමන පාලකවරයා තමන්ට දැන්වූ බව පැෆරල් සංවිධානය කියයි.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අතර ද්විත්ව පුරවැසි භාවය හිමි අය කවුරුන්ද යන්න පසුගිය සමයේ බොහෝ ආන්දෝලනයට තුඩු දුන් කරුණක් වූ අතර මේ පිළිබඳ සත්‍ය තොරතුරු දැන ගැනීමට පැෆරල් සංවිධානය ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත තොරතුරු දැන ගැනීමේ පනත යටතේ අයදුම් පතක් ඉදිරිපත් කළ බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය.
එයට ප‍්‍රතිචාර දක්වමින් ආගමන විගමන පාලකවරයා විසින්, සියලූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ නම්, උපන් දිනයන් හා ජාතික හැඳුනුම්පත් අංකයන් සහිත නාම ලේඛනයක් පාර්ලිමේන්තු මහා ලේකම්වරයාගෙන් ගෙන්වා ගෙන පරීක්ෂාවට ලක්කර ඇති බව කියැවේ.
එම පරීක්ෂාවෙන් අනතුරුව ආගමන විගමන පාලකවරයා විසින් සනාථ කර ඇත්තේ ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මියට පමණක් අංක 17096 දරන ද්විත්ව පුරවැසි සහතිකය නිකුත් කර ඇති බවයි.
එමෙන්ම එකී පරීක්ෂාවේදී අනෙක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 224 දෙනා සඳහා ද්විත්ව පුරවැසි සහතිකයන් නිකුත් කර නොමැති බවට සනාථ වන බව ආගමන විගමන පාලකවරයා විසින් තම සංවිධානය වෙත දන්වා එවා ඇතැයි ද හෙතෙම පවසයි.

