දළදා පෙරහර නිමවේ


අනුරාධපුර ඓතිහාසික දළදා පෙරහරේ අවසන් දිනය වූ ඉරිදා (21) අභයගිරි සෑයේ සිට ශ්‍රී මහා බෝධිය දක්වා ගමන් කළේය.

හේමමාලා කුමරිය හා දන්ත කුමරු බමුණු වෙස් ගෙන කාලිංග දේශයේ සිට දළදා වහන්සේ මහසෙන් රජුගේ පුත් සිරි මේඝවර්ණ රජුගේ රාජ්‍ය පාලනයෙන් නව වැනි වසරේ නැගෙනහිර වෙරළේ ලංකාපටුනෙන් ගොඩ බැස අනුරාධපුරයට පැමිණි පුවත සිහි ගන්වමින් අනුරාධපුර දෙදින දළදා පෙරහර ඓතිහාසික ශ්‍රී මහා බෝධියෙන් අරඹා රුවන්වැලි සෑය ද පැදකුණු කර සංඝමිත්තා මාවත ඔස්සේ ඇතුළු නුවර ඉපැරණි දළදා මාලිගාවට ගොස් මුල්දිනයේ ඓතිහාසික අබයගිරි සෑයට ද ගෙවැදුණේය.

රුවන්වැලි විහාරාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝ ද, කුඩා හල්මිල්ලෑවේ රතනපාල ජේතවනාරාමාධිපති හිමියෝ ද, පිංකමේ ප්‍රධාන ආරාධිතයා වූ උතුරුමැද මහඇමැති එස් එම් රංජිත් මහතා ද ඊට සහභාගී වූ අය අතර වූහ.