දළදා තේවාව අස්ගිරියෙන් මල්වත්තට


චමිල් රුපසිංහ
 
සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වය මගින් පසුගිය වසරේ ශ්‍රී දළදා දළදා වහන්සේ උදෙසා දෛනිකව සිදු කළ  තේවා කටයුතු     ඉදිරි වර්ෂය සඳහා සියම් නිකායේ මල්වතු පාර්ශ්වය වෙත පැවරීම පෞරාණික චාරිත්‍රානුකූලව අද (09) ශ්‍රී දළදා මාලිගාවේදී සිදුකෙරණි.
 
තේවා මාරුව පෞරාණික චාරිත්‍රානුකූලව සිදුකරනු ලබන අතර වර්ෂයක් පාසා මල්වතු සහ අස්ගිරි යන උභය මහ විහාර අතර මාරුවීම ඇසළ පුන් පොහෝ දිනට පසු දින සිදු කරනු ලබයි.
 
ශ්‍රී දළදා වහන්සේගේ තේවා කටයුතු සඳහා නායක හිමිනමක් සමඟ හිමිවරුන් සිව් දෙනකු මල්වතු මහනාහිමියන් විසින් පත්කරනු ලබන අතර උන්වහන්සේලා දළදා මාලිගාවේ වැඩවාසය කරමින් වසරක කාලයක් පුරා තේවා කටයුතු සිදුකරන ලබයි.