දළදා කරඬුව වැඩමවීම ඉන්ද්‍රරාජාට


( සමන් විජය බංඩාර )

දළදා පෙරහරේ කරඬුව වැඩමවීමට සුදුසුකම් ලැබු ඇතුන් දෙදෙනකු මෙවර දළදා පෙරහරට සහභාගී නොවන බව ශ‍්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තිය බාරව කටයුතු කරන ප‍්‍රදීප් මීයනපලාවල මහතා අද (26) පැවසිය.

“නැදුන්ගමුවේ රාජා ඉන්නෙ අසනීප තත්ත්වයේ. නැදුන්ගමුවේ රාජා ගම්පහ සිට මහනුවර පෙරහැරට පා ගමනින් එනවා. නමුත් අසනීප තත්ත්වය උඩ ඇතා මෙවර පෙරහැරට කොහොමවත්ම සහභාගි වෙන්නේ නැහැ. මේ පාර කතරගම පෙරහැර පැවැත්වෙන නිසා වාසනා ඇතා ද පෙරහරට එන්නේ නැහැ.  “

“මේ නිසා අපි සැහෙන අමාරුවක වැටිලා ඉන්නේ. කෙසේ නමුත් පෙරහර වෙනුවෙන් අලි ඇතුන් 50-55 ක සංඛ්‍යාවක් සහභාගි වෙනවා. පෙරහරේ කරඬුව වැඩමවන කටයුත්ත මාළිගාවේ ඉන්ද්‍රරාජාට පමණක් කරන්න පුළුවන් කටයුත්තක් නොවෙයි. ඉන්ද්‍රරාජා ඇතාත් ලෙඩ හැදිලා බෙහෙත් ලබා දෙමින් සිටිනවා. නමුත් දැන් දැන් අසනීප තත්ත්වය හොඳ අතට හැරෙනවා. එහෙම වුණොත් ඉන්ද්‍රරාජාට මෙ කටයුත්ත කරන්න පුළුවන් වෙයි කියලා අපේ ලොකු විශ්වාසයක් තියෙනවා.“

“මෙය ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි.පළපුරුද්දක් තියෙන්න ඕනෑ කරඬුව වැඩමවන්න තෝරා ගන්න කියලා ඇතෙක් නැති තරම් “යැයිද ඒ මහතා පැවසීය.