( සංඛ විජේසූරිය දොඩන්දූවේ සිට ) - ශ්‍රී කළ්‍යාණවංශ නිකායේ මූලස්ථානය වන දොඩන්දූව ශෛලබිම්බාරාම මහා විහාරස්ථානයේ විහාරාධිපති දෙව්රම්වෙහෙරේ මේධාලංකාර හිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථ දායක සභාව සහ ශ්‍රී ධම්මසාර-පියරතන දහම් පාසල් එකමුතුව පුරා සතියක් තිස්සේ පවත්වන ලද විශේෂ අටවිසි බුද්ධ පූජා සහ බෝධි වන්දනා පිංකම ඉකුත් පෝය දින අවසන් විය.