දරුවෝ මවට හොරෙන් පියා සමග සිනාසෙති


වරකාපොල මහේස්ත්‍රාත් ජේ මොරවක මහතා ඉදිරියේදී සඳුදා (26) නඩත්තු නඩු පනහකට අධික ප්‍රමාණයක් විභාගයට ගැනිණි. මෑත කාලීනව මෙම අධිකරණයේදී එකම දිනකදී මෙතරම් විශාල නඩත්තු නඩු ප්‍රමාණයක් විභාගයට ගැණුනු ප්‍රථම අවස්ථාව මෙය විය.

මෙහි විශේෂත්වය වූයේ මෙම නඩුවලින් විශාල ප්‍රමාණයක් තරුණ විවාහක ජීවිත දෙදරා යාම නිසා ඉදිරිපත් වූ නඩු  වීමයි.

ඇතැම් බිරින්දෑවරුන් නඩත්තු මුදල් ලබා ගැනීමට පැමිණ සිටියේ මාසික වේතනයක් ලබා ගැනීමට එන අයුරිනි.

එමෙන්ම නෙතට  කඳුලක් උපදවන දසුන වූයේ කුඩු දරුවන් සිය මව්වරුන්ට නොපෙනෙන ලෙස පියවරුන් දෙස බලා ආදරයෙන් සිනාසෙන ආකාරයයි.