ගලේවෙල පත්කොළගොල්ල පදිංචි එම් ඒ ශිරෝමා වසන්ති (34) තම කුඩා දරුවන් හතර දෙනා ජීවත් කරවීමට වැලි ගොඩ දමයි.
ඇයගේ සැමියා වු එම් එම් ඒ සුසිල් ප්‍රියන්ත(34) 2013-06-05 වැනි දින මිය ගියේ දරුණු ලෙස වකුගඩු රෝගය වැළදීමෙනි.අවුරුදු 14,10,04 හා මාස 15 යන වයස් වල පසුවන දියණියන් තිදෙනාත් එකම පුතාත් ජීවත් කැර වීමට ඇයට සිදු වී ඇත.
ඇය නිවස් අසල ඇළට ගොස් හැකි සෑම අවස්ථාවකදිම වැලි ගොඩ දමන්නීය. දින පහක් මහන්සි වෙද්දී ඇය එක් ‘ වැලි ලෝඩ් එකක්’ එකතු කැර ගනීයි.
එයින් ලැබෙන රුපියල් 1000 ඔවුන්ගේ එකම ආදායමයි.
ශිරෝමී සිය සැමියාගේ සොහොනට දිනපතාම දරුවන් සමග යයි.කුඩා නිවසක අනාරක්ෂිතව ඔවුහු ජීවත් වෙති.
තම සැමියා මිය ගිය පසුව නිවසේ අපමණ අඩු පාඩු තිබුණද ඇය වතුර පෙරණයක් රැගෙනවිත් නිවසේ තබාගෙන දරුවන්ට වතුර බොන්නට දෙන්නේ තම සැමියා ගොදුරු වු රෝගයෙන් දරුවන් ආරක්ෂා කැර ගැනීමටය.
සැමියා අසනීප තත්ත්වයෙන් පසුවද්දී ඇය තැන තැන අවිදිමින් මුදල් සොයා යද්දී හමු වු අයකු ඇගේ පුංචි නිවසට සෙවිල්ලක් ලබා දී තිබේ.
මෙම නිවසේ ඇති උපකරණ වලින් වටිනාකමක් ඇති උපකරණය වන්නේ වතුර ෆිල්ටරය පමණි.
ඇයට හා දරු සිව් දෙනාට උපකාර කළ හැකි අයෙක් වේ නම් එම් ඒ ශිරෝමා වසන්ති නමින් ගලේවෙල මහජන බැංකුවේ 115-2-001-0-0019343 ගිණුම් අංකයට මුදල් බැර කළ හැකියි.ඇගේ දුරකතන අංකය 077-5940590

