ගලේවෙල හිනුක්ගල මාපිය යුවළක් තම කුඩා දරුවන් හත් දෙනා ජිවත්කරවිම ට දිනකට එක වේලක් ආහාර ගෙන දුක් විඳිති. එම්. ආර් .වසන්ත කුමාර (32) මහතා සහ බිරිඳ රේණුකා රාජපක්ෂ (32)යුවළට ස්ථිර රැකියාවක් නැත. කුලී වැඩකර පන ගැට ගසා ගනිති.
දුලක්ෂ (15),ලක්ෂිත (13),ධනංජය (10),නෙත්මි (8),නෙහාරා (6),විෂම මාස 2,දෙනෙත් (3) දරුවන් හත් දෙනාට පාසල් උපකරණ, ඇදුම් ,ප්‍රමාණවත් නැත.
කෙතරම් දුප්පත් වුවත් තමන්ට දරුවන් වැඩි නැති බවත් කුමන හෝ දුකක් විඳ දරුවන් ජිවත් කරවන බවත් මේ දෙදෙනා කියති.
ඔවුන්ගේ ලිපිනය එම පි එස් වත්ත ,හිනුක්ගල දේවහුව ,දුරකථනය 0775232984 බැංකු ගිණුම ලංකා බැංකුව ගලේවෙල රේණුකා රාජපක්ෂ 75186105.







