දයාසිරි රනිල් හමුවේ


එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද සිරිකොතේදී පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවී පැයක සාකච්ඡාවක් පැවැත්වීය.

පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා ද සාකච්ඡාවට සහභාගී වූ බවත්, ප්‍රශ්න කිහිපයක් ගැනම එහිදී අදහස් හුවමාරු කර ගත් බවත් දැනගන්නට ඇත.