සිරිකොත මන්දිරය ඉදිරිපිට මහ පාරේ රැස්වීමක් පවත්වමින් සිටි බොදු බළ සේනාවේ මහ ලේකම් ගලබොඩ අත්තතේ ඥාණසාර හිමියන් ඇතුළු සංඝරත්නය වෙත එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සමග නුගේගොඩ නාලන්දාරාමධීපති තිනීයාවල පාලිත හිමියෝද මින් මද වේලාවකට පෙර වැඩම කළහ.
එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක දයා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන රවි කරුණානායක හා රුවන් විජයවර්ධන මහත්වරු ඒ හිමියන් සමග ආහ.
රවි කරුණානායක මහතා කතා කරද්දී හු හඩ නැගී ආවේය.
ඥාණසාර හිමියන් කියා සිටියේ සංඝරත්නයට පහර දීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සමාව ගත යුතු බවයි.
දයා ගමගේ මහතා කතා කරමින් එක්සත් ජාතික පක්ෂය මෙම සිද්ධිය සම්බන්ධයෙන් සියලු දෙනාගෙන්ම සමාව ඉල්ලා සිටින බව ප්‍රකාශ කළේය.
ඥාණසාර හිමියන් ඇතුළු බොදු බළ සේනා සංවිධානය සිරි කොත මන්දිරයට වඩින ලෙස ආරාධනය කරන බවත් ඔහු කියා සිටියේය.

