(රංජන් කස්තුරි)
ඵෙතිහාසික රංගිරි දඹුලු ලෙන් විහාර සංකීර්ණය නැවත දැනුම් දෙනතුරු වසා දැමීමටත් එම ලෙන් විහාරයේ සංරක්ෂණ කටයුතු වහාම ආරම්භ කිරීමටත් පුරාවිද්‍යා උපදේශක මණ්ඩලය ඊයේ(10) ඒකමතිකව තීන්දුවකට එළැඹ තිබේ.
ඒ අනුව දඹුලු ලෙන් විහාර සංරක්ෂණය නැවත දැනුම්දෙන තුරු දෙස් විදෙස් සංචාරකයින්ට වසා තැබීමට ද පුරා විද්‍යා උපදේශක මණ්ඩලය තීන්දු කර ඇත.
අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී අද(10) රැස්වූ පුරාවිද්‍යා උපදේශක මණ්ඩලය මෙම තීන්දුව ගෙන ඇත.

