දඹුලු එළවළු කුණු කොල්ලෙට
එළවළු මිලට ගැනීමට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එන වෙළෙඳුන් අඩුවීම නිසා එහි එළවළු මිල බෙහෙවින් අඩුවී ඇතත් කොළඹ එළවළු මිල බෙහෙවින් ඉහළ ගොස් ඇත.
දඹුල්ලේ අමුමිරිස් කිලෝව දින දෙකකට පෙර රුපියල් 200ක් විය. ඊයේ මිල රුපියල් 30 දක්වා පහත වැටුණේය. එහෙත් කොළඹ මිල රුපියල් 300ත් 400ත් අතර ගණනකි. දඹුල්ලේ වම්බටු කිලෝව රුපියල් 65ට මිල නියම වෙද්දී කොළඹ මිල රුපියල් 120ක් විය.
එහි රුපියල් 25ත් 30ත් අතර අළෙවි වූ තක්කාලි මිල රුපියල් 80 -120 අතර විය. දඹුල්ලේ එළවළු හිඟයක් ද නැත. එහෙත් වෙළෙඳුන් හා සැපයුම්කරුවන්ගේ උදාසීනත්වයක් දක්නට ලැබේ. මේ තත්ත්වය එහි හැඳින්වෙනුයේ 'පාජාව' නමිනි. එහි තේරුම 'ගන්නෙත් නෑ, නොගන්නෙත් නෑ, හරි වෙළෙඳාමකුත් නෑ' යන්නයි.

