දඹුලු උප නගරාධිපති යළි රිමාන්ඩ්
කොන්ත්‍රාත්කරුවකුගෙන් රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලුවැයි සැකපිට අත්අඩංගුවට ගත් දඹුල්ල උප නගරාධිපති කුසුම්සිරි ආරියරත්න හා ආර් පියසේන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් ලබන 25 දක්වා රිමාන් කරනු ලැබූහ.
දඹුල්ලේ කොන්ත්‍රාත්තුවක් දීම සඳහා ගොවි සංවිධානයකින් රුපියල් ලක්ෂයක් ගනිද්දී පසුගියදා ඔහු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අදිකරණයට දැන්වීය.

