දඹුල්ල පූජා භූමි සංවර්ධන වැඩසටහන නිසා ඉඩම් හා දේපල අහිමිවූවෝ පිරිසක් සාධාරණ වන්දියක් ඉල්ලා දඹුල්ල කණ්ඩලම හංදියේ අද පෙරවරුවේ උද්ඝෝෂණයක් ආරම්භ කළහ.
ඔවුන් කියා සිටින්නේ පූජා භූමි සංවර්ධනයට කැමැත්ත පළ කරන නමුත් අහිමිවන දෙපළවලට සාධාරණ වන්දියක් ලබා දෙන ලෙසයි.
නාගරික සංවර්ධන අධිකාරිය කියනුයේ තමන් වන්දි ලබා දෙන්නේ 1982 වන්දි තක්සේරුවට අනුව බවයි.