දඹුල්ලේ අනතුරු වැලක්


දඹුල්ලේ ස්ථාන තුනකදී අද (16) අලුයම සිදුවූ අනතුරු තුනකින් සිව් දෙනකු මියගොස් 36 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. තිදෙනකු ගමන් ගත යතුරු පැදියක් දඹුල්ල නගරයේ දී වැලි ලොරියක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් තිදෙනාම එම ස්ථානයේදීම මියගොස් ඇත.

දෙහිඅත්තකණ්ඩියේ සිට කොළඹ බලා ධාවනය කළ පෞද්ගලික බසයක් පැල්වෙහෙර ප්‍රදේශයේ දී පාරෙන් ඉවතට පැන පෙරලීමෙන් එක් අයෙක් මියගොස් 28 දෙනෙක් තුවාල ලැබූහ.

කොළඹ සිට මඩකළපුව දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් මිරිස්ගෝනියහන්දියේ දී අඩි 15ක් පමණ පල්ලමකට පෙරළීමෙන් 8 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. තුවලකරුවෝ දඹුල්ල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.