දඹුල්ල ආර්ථිකයත් පාළුවට යයි


(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද උදෑසන පාළුවට ගොස් තිබෙන අයුරු දැක ගැනීමට හැකි විය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය යම් මට්ටමකින් ජනතාවගෙන් පිරී ගොස් ක්‍රියා‍රියාශීලී තත්ත්වයක් දක්නට තිබුණ ද අද දින ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් බොහොමයක් වසා දමා ඉතාමත් මන්දගාමී තත්ත්වයක් දැක දැකගන්නට තිබේ. ලොරි රථ පැමිණීම ද ඉතා සීමිත විය.

දඹුල්ල, ගලෙවෙල, නාඋල ,ආදී නගර ද උදෑසන වන විට දැඩි පාලු ස්වභාවයක් ගෙන තිබිණි. ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන ආ ගොවීන් කියා සිටියේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මෙවැනි තත්ත්වයක් නොදැන නිසා එළවළු රැගෙන ආ බවය.

කෙසේ වෙතත් එහි ව්‍යාපාරිකයන් කියා සිටියේ ගොවීන් රැගෙන එන එළවළු ප්‍රමාණය කීයක හෝ මුදලකට අලෙවි කිරීමට අවැසි නිසා සීමිත වෙළඳසැල් කිහිපයක් විවෘත කර තිබෙන බවයි.