ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 149 වැනි ජන්ම සමරු දිනය නිමිත්තෙන් කොළඹ විහාර මහා දේවි උද්‍යානයයේ අසල ධර්මපාල පිළිරුවට පුෂ්පෝහාර දැක්වීම ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති බානගල උපතිස්ස නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද (17) උදෑසනදී පැවැත්විණි.
කොළඹ නගරාධිපති ඒ ජේ එම් මුසම්මිල් මහතා ධර්මපාල පිළිරුවට ප්‍රථමයෙන් මල් දමක් පළදවා අචාර පුද කළ අතර බානගල හිමියෝද තිනියාවල පාලිත හිමියෝද සෙසු ආරාධිතයෝද ධර්මපාල පිළිරුවට පුෂ්පෝහාර දැක්වුහ.

