දනූනගේ ආච්චිට නිදහස ඉල්ලයි


වරෙන්තුකරුවකු වන ධනූන තිලකරත්නට රැකවරණය දුන්නැයි ඔහුගේ මිත්තනිය එලන් විමලා තිලකරත්නට (85) එරෙහිව පවරා ඇති නඩුවේ විත්ති වාචක නොගෙනම ඇය මුදා හරින්නැයි ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අද කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාගෙන් ඉල්ලා සිටියහ.

ඔවුන් පැවසුවේ ඇය වැරදිකාරියක් කිරීම සඳහා නීති ප්‍රතිපාදන නොමැති බවයි.

එලන් විමලා තිලකරත්න නඩුවෙන් මුදා හරිනවාද නැද්ද යන්න තීරණය කිරීම ලබන 24 වැනිදාට කල් තැබිණි.

ධනූන තිලකරත්න හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන්ය.