දඩමස් ජාවාරම් කළ අයෙක් අත්අඩංගුවට


(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ජයරත්න වික්‍රමආරච්චි)

කරුවලගස්වැව රජවිගම ප්‍රදේශයේ වගාකටයුතු  අතහැර දැමු ඉඩමක් තුළ දඩ මස් ජාවාරමක් පවත්වාගෙන ගිය සැකකරුවකු ගිනි අවි හා තවත් ආයුධ රැසක් සමග වනජිවි නිළධාරින් අද(12)  අත් අඩංගුවට ගෙන තිබුණි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ රජවිගම ප්‍රදේශයේ කෑලැවැදි ඇති අක්කර 50 කට ආසන්න ඉඩමක් තුළ රැදි සිටිමින් වන සතුන් දඩයම් කරමින් සිටි 40 හැවිරිදි පුද්ගලයකු බව වන ජීවි නිළධාරින් පවසයි.

අත් අඩංගුවට ගත් සැකකරු රජවිගම ප්‍රදේශයේ පාළුවට ගිය අක්කර 50 කට වැඩි විශාලත්වයකින් යුත් ඉඩමක නැවති කුඩාරම් ගසා වන සතුන් දඩයම් කර මස්  අලෙවි කරමින් සිටි ඇති බව වනජීවි නිළධාරින් පවසයි.

සැකකරු අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදි අධි ආරක්ෂීත කිරි ඉබ්බන් තුන් දෙනෙකුගේ කටු හා මෙරට දී නිශ්පාදනය කල කොටන තුවක්කුවක් බදින කදන් දෙකක් පොරෝවක් පිහි, විදුලි පන්දම්, හිස් පතොරම් කොපු හතරක්, විශාල කුඩාරම් රෙද්දක්, ඇතුළු දෑ රැසක් වනජීවි නිළධාරින් අත් අඩංගුවට ගෙන තිබුනී.

සැකකරුගෙන් ප්‍රශ්ණ කිරීමේදි කලකට පෙර මෙම සැකකරු සාලියවැව ප්‍රදේශයෙ පුද්ගලයකුට රුපියල් 30000 කට අලෙවි කර තිබු බලපත්‍ර නොමැති බෝර 12 තුවක්කුවක්ද අත් අඩංගුවට ගත් බව කියයි.