දකුණේ පොලිස් ලොක්කා සබරගමුවට


දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා ලබන සඳුදා (1) සබරගමුවට මාරු කරනු ලැබ සිටියි. සබරගමු නියෝජ්‍ය පොලිස්පති දකුණු පළාතට යවා ඇත. තම මන්ත්‍රීතුමාගේ තරම දැනගත හැකි වෙතියි දකුණු පළාත් මන්ත්‍රීවරයකුගේ ලේකම්වරයකු පසුගිය 25 වැනි දා ජයසිංහ මහතාට ලිපියකින් දන්වා ඇත. එම ලිපිය හා මේ මාරුව අතර සම්බන්ධයක් ඇතැයි බොහෝ දෙනෙක් කියති.