(අමල් වික්‍රමරත්න)
දකුණු පළාත් පරිපුරක වෛද්‍ය සේවාවට අයත් වෛද්‍ය වෘත්තිකයෝ අද (22) වැඩවර්ජනයක් ඇරඹුහ. ඔවුන් අද (22) හෙට (23) ලෙඩ නිවාඩු දමා වර්ජනයට එක් වී සිටිති.
මේ හේතුවෙන් දකුණු පළාතේ ග්‍රාමීය සහ මුලික රෝහල් රැසක ප්‍රතිකාර පතා පැමිණි රෝගීන් බොහොමයක් දැඩි අපහසුතාවයට පත් වී ඇත.
අතිකාල ගැටළුව, ස්ථාන මාරුවීම් සහ සේවා අධීක්ෂණ කටයුතු වෙනත් සේවාවන්ට පැවරීමට විරෝධය පා මෙම වර්ජනය ආරම්භ කළ බව පරිපුරක වෛද්‍ය සේවා ඒකාබද්ධ වෘත්තීය සමිති බල මණ්ඩලයේ සභාපති අජිත් පි.තිලකරත්න මහතා පැවසීය.

