දකුණේ දිවි නැගුම සම්මතයි


දකුණු පළාත් සභාවේදී අද විවාදයට ගත් දිවි නැගුම පනත වැඩි ඡන්ද 21 කින් සම්මතවූවේය. පනතට පක්ෂව ඡන්ද 36 ක් සහ විපක්ෂව ඡන්ද 15 ක් ලැබිණි. එක්සත් ජාතික පක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරු විපක්ෂව ඡන්දය දුන්හ.