දකුණු මෝසම් රැළිය - 2012 සංජීව - රාහුල් ශූරතාව දිනති
සදර්න් මෝටර් රථ කී‍්‍රඩා සමාජයේ මෙහෙයවීමෙන් කිලෝමීටර 536 ක දුරකින් යුත් දුෂ්කර ගමන් මාර්ගයක පැවැති දකුණු මෝසම් මෝටර් රථ රැළිය (2012) පිට පිට දෙවැනි වරටත් ජය ගැනීමට සංජීව අඹවත්ත සහ රාහුල් උලූවිට සමත්වුහ.
මාතර සනත් ජයසුරිය ක‍්‍රීඩාංගණය අසළින් ආරම්භ වු මෙම රැුලිය අදියර තුනකින් සමන්විතවිය. වර්ණ ආරියදාස සහ නාලක ගුණවර්ධන දෙවන ස්ථානය දිනාගත් අතර දිසාන් ගුණසේකර සහ හරිත් සල්වතුර තෙවන ස්ථානය හිමිකර ගත්හ.
පළමු අදියර මාතර සනත් ජයසූරිය කී‍්‍රඩාංගනයෙන් ඇරඹී උඩවලවෙන් අවසන් වූ අතර දෙවැනි අදියර පසුදා අලූයම 2.00ට උඩවලවෙන් ආරම්භ වී හම්බන්තොට නගරයෙන් අවසන් විය. එදිනම පෙරවරු 10.00 ට හම්බන්තොටින් ඇරඹුණු තෙවැනි සහ අවසන් අදියර තංගල්ල නගරයෙන් අවසන්විය.
රියැදුරු සංජීව සිය සහායක රියැදුරු රාහුල් සමග තරගය ජය ගත්තේ ලකුණු 335 ක් පමණක් අහිමිකර ගනිමිනි. මෝටර රථ ධාවනය කරන රියැදුරන්ට දෙනු ලබන ලකුණු අනුව අවම ලකුණු සංඛ්‍යාවක් අහිමි කරගන්නා රැුළියේ ජයග‍්‍රාහකයා වෙයි.
ජේ. පේ‍්‍රමතුංග සහ සමිත සිරිවර්ධන (ලකුණු 788) ආධුනික ඉසව්ව ජය ලැබුහ. එම ඉසව්වේදී වජිර කුමාර සහ සුරංග බුද්ධික (ලකුණු 812) දෙවැනි ස්ථානය ද, රජිත් උලූවිට සහ අමිල සපුකොතන (ලකුණු 1260) තෙවැනි ස්ථානයට ද පත්වුහ.
ශ්‍රී ලංකා රක්‍ෂණ සමාගම ප‍්‍රධාන අනුග‍්‍රහය දැක්වු මෙම රැුලියට ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සහ රන්න 212 සම අනුග‍්‍රාහය දැක්වීය.
අවසන් තරග ප‍්‍රතිඵල:
1. සංජීව අඹවත්ත (රියැදුරු) සහ රාහුල් උලූවිට (සහායක රියැදුරු) - ලකුණු 335
2. වර්ණ ආරියදාස (රියැදුරු) සහ නාලක ගුණවර්ධන (සහායක රියැදුරු) - ලකුණු 370
3. දිසාන් ගුණසේකර (රියැදුරු) සහ හරිත් සල්වතුර (සහායක රියැදුරු) - ලකුණු 394
4. ප‍්‍රසන්න රණසිංහ (රියැදුරු) සහ ජයන්ත කරුණාසේන (සහායක රියැදුරු) - ලකුණු 632
5. ඩබ්.ජේ.පේ‍්‍රමතුංග (රියැදුරු) සහ සමිත සිරිවර්ධන (සහායක රියැදුරු) - ලකුණු 788
6. එන්. රොද්‍රිගෝ (රියැදුරු) සහ ඇන්ඩි‍්‍රයාස් ඒ. ක්ලූස් (සහායක රියැදුරු) - ලකුණු 794
7. එන්. වජිර කුමාර (රියැදුරු) සහ සුරංග බුද්ධික (සහායක රියැදුරු) - ලකුණු 812
8. එස්x කේx රංජිත් (රියැදුරු) සහ එස්xකේx මිතුන් ශානක (සහායක රියැදුරු) - ලකුණු 987
9. රිස්මින් රසීක් (රියැදුරු) සහ දක්‍ෂිණ අමරසිංහ (සහායක රියැදුරු) - ලකුණු 1087
10. සංජය සෙනරත් (රියැදුරු) සහ චන්දික අමරසිංහ (සහායක රියැදුරු) - ලකුණු 1145

