දකුණු අප‍්‍රිකාව ලකුණු 353 ක් පසු පසින්


ඕස්ටේ‍්‍රලියාව සහ දකුණු අප‍්‍රිකාව අතර ඇඩිලේඞ්  ඕවල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (25 වැනිදා) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ජයග‍්‍රහණය සඳහා ලකුණු 430 ක ඉලක්කය වෙනුවෙන් දෙවැනි ඉනිමේ ක‍්‍රීඩා කරන දකුණු අප‍්‍රිකාව කඩුලූ 4 ක් දැවී ලකුණු 77 ක් ලබා ලකුණු 353 ක් පසු පසින් සිටියේය. ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම  ඕවර 107.2 කදී සියලූ දෙනා දැවී 550 සහ දෙවැනි ඉනිම  ඕවර 70 කදී කඩුලූ 8 ට 267 (ඬේවිඞ් වෝනර් 41, මයිකල් ක්ලාක් 38, මයික් හසී 54, ජේම්ස් පැටින්සන් නොදැවී 29, ආර්. ක්ලින්වෙල්ඞ් 65/3, ඬේන් ස්ටෙයින් 50/2, මොනේ මොර්කල් 50/3) දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම  ඕවර 124.3 කදී සියලූ දෙනා දැවී 388 සහ දෙවැනි ඉනිම කඩුලූ 4 ට 77 (ඇල්විරෝ පීටර්සන් 24, ඒ. බී. ඩිවිලියස් නොදැවී 12, එෆ්. ඩූ ප්ලිසිස් නොදැවී 19, නේතන් ලියොන් 15/2)