දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩිකාවෝ ශ‍්‍රී ලංකාව පරාජය කරති


තෙවැනි කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (26) පැවැති පළමු තරගයෙන් දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩිකාවෝ කඩුලූ 6 කින් ජය ලැබීමට සමත් වූහ. ශ‍්‍රී ලංකා කාන්තා පිල  ඕවර 20 කදී සියලූ දෙනා දැවී 79 (ඩිලානි මනෝදර 24, චමනි සෙනෙවිරත්න 14) දකුණු අප‍්‍රිකානු කාන්තා පිල  ඕවර 172 කදී කඩුලූ 4 ට 80 (ටි‍්‍රෂා චිට්ටි 33, ඉනෝකා රණවීර 15/2)