දකුණු අපි‍්‍රකානුවෝ ටෙස්ට් තරගාවලිය ජයගනිති
ඕස්ටේ‍්‍රලියාව සහ දකුණු අප‍්‍රිකාව අතර පර්ත්හිදී පැවැති තෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩකයෝ ලකුණු 309 ක විශිෂ්ට ජයක් ලැබුහ. ඒ අනුව දෙරට අතර තරග තුනකින් පැවැති ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙසින් දකුණු අප‍්‍රිකාව ජය ගත්තේය.
අවසන් වරට 2008 වසරේදී ඕස්ටේ‍්‍රලියාවේ තරග සංචාරයක නිරත වු දකුණු අප‍්‍රිකාව එවරද තරග 2-1 ක් ලෙසින් ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට සමත් විය.
තරගයේ සිවුවැනි දිනය වූ ඊයේ (03) ලකුණු 632 ක ජයග‍්‍රාහි ඉලක්කයක් හඹාගිය ඕස්ටේ‍්‍රලියානු පිලේ දෙවැනි ඉනිම ලකුණු 322 කට සීමාවිය.
දකුණු අප‍්‍රිකානු පිල දෙවැනි ඉනිමේදී ලකුණු 569 ක් රැුස්කිරීමට සමත් විය. හසීම් අම්ලා තරගයේ වීරයා ලෙස ද, මයිකල් ක්ලාක් තරගාවලියේ වීරයා ලෙස ද සම්මාන ලැබුහ.
ටෙස්ට් තරග දිවියේ අවසන් තරගයට සහභාගි වු ඕස්ටේ‍්‍රලියා හිටපු නායක රිකී පොන්ටිං දෙවැනි ඉනිමේදී ලබාගත හැකි වුයේ ලකුණු අටකි.
දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම - සියලූ දෙනා දැවී 225
ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම - සියලූ දෙනා දැවී 163
දකුණු අප‍්‍රිකාව දෙවැනි ඉනිම - දෙනා දැවී 569
(ගේ‍්‍රම් ස්මිත් 84, ඇල්විරෝ පීටර්සන් 23, හෂීම් අම්ලා 196, ඒ. බී. ඩිවිලියස් 169, ෆාෆ් ඩූ ප්ලීසස් 27, මිචෙල් ස්ටාක් 154/6, මිචෙල් ජොන්සන් 110/4)
ඕස්ටේ‍්‍රලියාව දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී 322
(ඊ. ඞී. ක්වොන් 53, මයිකල් ක්ලාක් 44, මිචෙල් ස්ටාක් නොදැවී 68, ඬේන් ස්ටෙයින් 72/3, වර්නොන් පිලෙන්ඩර් 41/2, මෝර්නි මෝකල් 57/2, රොබින් පීටර්සන් 127/3)

