වයස 20 න් පහළ පිළිම`ඵන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට මහනුවර ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රීඩකයෝ සමත් වූහ.
ජනාධිපති’ කුසලාන වෙනුවෙන්, ශී‍්‍ර ලංකා පාසල් රග්බි සංගමය විසින් ‘මයිලෝ’ අනුග‍්‍රහයන් සංවිධානය කරනු ලබන මෙම තරගාවලියේ අවසන් මහ තරගය වෙස්ලි විදුහල සහ ත‍්‍රිත්ව විදුහල අතර මේ මස 14 වැනිදා පස්වරු 4.30 ට කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැත්වේ.
කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී අද (09) පැවැති අවසන් පූර්ව තරගයේදී ත‍්‍රිත්ව විදුහල් පිල විසින් ලකුණු 40-37 ක් ලෙස බම්බලපිටිය ශාන්ත පීතර විදුහල පරාජය කරන ලදි.
පළමු අර්ධය අවසන් වන විට ශාන්ත පීතර විදුහල ලකුණු 23-20 ක් ලෙස පෙරමුණේ සිටියද ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රීඩකයෝ දෙවැනි අර්ධයේ අවසන් මිනිත්තු 10 තුළදී ඉදිරියට පැමිණීමට සමත් වූහ.
ජයග‍්‍රාහි ත‍්‍රිත්ව විදුහලට ගෝල 4 කින්, ඩ්‍රොප් ගෝලයකින් සහ දඩුවම් පහර 3 කින් ලකුණු එකතු වූ අතර ශාන්ත පීතර විදුහල ගෝල 3 කින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහර 2 කින් ලකුණු ලැබීය.