19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත් ඉන් පසුව තොරතුරු දැන ගැනීමේ පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලදැයි මතය විමසීමට ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී කීවේය.
පැය 24කින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට එසේ යොමු කළ යුතු බව ද ඔහු පැවසීය.
මහාචාර්ය ජී එල් පීරිස් පැවසුවේ 24 පැයකින් මත විමසීම සඳහා තොරතුරු දැන ගැනීමේ පනත ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරීම වැරදි බවයි.
විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ කියා සිටියේ තොරතුරු දැන ගැනීමේ පනත ගැන මුලින්ම ජනතාව දැනුම්වත් කර එය අධ්‍යයනය කිරීමට මහජනතාවට කාලයක් ලබා දී ඉදිරිපත් කළ යුතු බවයි.

