තේවත්තේ ආසිරි දේව මෙහෙය 25 වැනිදා


රාගම තේවත්ත ජාතික බැසිලිකා දේවස්ථානයේ රොගීන් අශිර්වාද කිරීමේ මංගල්‍යය ලබන 25 දාට ‍යෙදී ඇත.

ආන්ජලෝ කාදිනල් බැග්නස්කෝ පුජකතුමාද මැලක්ම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමාද දේව මෙහෙය පැවැත්වීම‍ට නියමිතය.

ලංකාවේ සෙසු රදගුරු තුමන්ලා ද මීට සහභාගි වීමට නියමිතය. ප්‍රධාන මෙහෙය මෙදින සවස 2.00 ට ආරම්භ කෙරේ. 

පෙ.ව. 5, 6, 7. හා 8 ට සිංහල භාෂාවෙන්ද පෙ.ව. 9 ට ඉංග්‍රීසි භාෂාවෙන් ද 10 ට දෙමළ භාෂාවෙන් ද පෙ.ව. 11 ට හා ප.ව. 5 ට සිංහල භාෂාවෙන් ද දිව්‍ය පූජාව පැවැත්වේ.

විශේෂ දුම්රිය සේවාවන් ද යොදා ඇත.