තේ වෙළෙන්දාට ලක්ෂ බාගයක් දඩ
ප්‍රමිතියකින් තොරව තේ කිලෝ 1900ක් ගබඩා කළ කොටහේන සංඝමිත්තා මාවතේ තේ වෙළෙන්දකු වන මොහොමඩ් ලෙබ්බේ මොහමදු හලික්ට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා රුපියල් 52000 ක දඩ නියම කෙළේය. දඩය නොගෙවන්නේ නම් මාස දොළහක සිර දඬුවමක් නියම කරන බව ද මිනිස් පරිභෝජනයට නොසුදුසු තේ විනාශ කරන ලෙස මහේස්ත්‍රාත් උසාවි ලේඛකාධිකාරීට නියෝග කෙළේය.

