තෙල් සේවකයින්ට පහරදුන් අය අල්ලන්න නියෝග


(නිමන්ති රණසිංහ)

කොළොන්නාව තෙල් සංස්ථාව ඉදිරිපිට පැවැති සේවක උද්ඝෝෂණයේ දී ඛනිජ තෙල් සංස්ථා සේවකයින්ට පහරදුන් බව කියන සිද්ධියට අදාළ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද(31) වැල්ලම්පිටිය පොලිසියට නියෝග කළේය.
තෙල් සංස්ථා සේවක උද්ඝෝෂණයේ දී එම ස්ථානයට පැමිණි බාහිර පුද්ගලයින් කිහිප දෙනකු පොලු මුගුරු අතැතිව සංස්ථා සේවකයින් කිහිපදෙනකුට පහරදුන් බව කියමින් එහි සේවකයින් තිදෙනකු වැල්ලම්පිටිය පොලිසියට කළ පැමිණිල්ලක් මත අධිකරණය මෙම නියෝගය ලබාදුන්නේය.