(දයාසිලි ලියනගේ)
ඛනිජ තෙල් සේවක වර්ජනයෙන් තෙල් බෙදා හැරිම සිදු නොවන නිසා විදුලිය සැපයීමට බාධා සිදු වී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
මේ හේතුව නිසා කොළඹ හැර සියලු පළාත්වල අද (26) පැයක පමණ කාලයක් විදුලිය කපා හැරීමට සිදු වී ඇති අතර විදුලිය වැඩි වශයෙන් පාවිච්චි කරන කාල සීමාව තුළ ද විදුලිය කපා හැරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශකයෙන් සඳහන් කළේය.
මේ වන විට නොරොච්චෝල බලාගාරයේ විදුලි උත්පාදන යන්ත්‍රයක් ක්‍රියාවිරහිත වී පවති. ඉන්ධන ප්‍රශ්නය විදුලිය මෙගාවොට් 500 ක පමණ ප්‍රමාණයක් උත්පාදනය කිරිම බරපතල ප්‍රශ්නයක් වී ඇති නිසා විදුලිය කපා හැරීමට සිදු වී ඇත.

