පස්වරු 3.01
හමුදා ආරක්ෂාව යටතේ ඉන්ධන රැගත් ප්‍රථම තෙල් දුම්රිය මීට සුළු මොහොතකට පෙර ඛනිජ තෙල් නිතිගත සංස්ථාවෙන් පිටත්ව ගියේය.
පස්වරු 2.20
මේ වනවිට කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයෙන් තෙල් පිරවූ බවුසර් කිහිපයක්ම තෙල් පුරවා තෙල් බෙදා හැරීමේ කටයුතු සඳහා පිටත් කර යැවීමට කටයුතු කර ඇත.
පොලිස් කැරලි මර්දන ඒකකය යොදවා තෙල් බෙදා හැරීමේ කටයුතුවලට බාධා කළ සේවකයින් ඉවත් කෙරිණි.
පස්වරු 2.00
තෙල් පිරවූ දුම්රිය බවුසර ඉවතට ගැනීම සඳහා ගිය දුම්රිය එන්ජිම තෙල් සංස්ථා සේවකයින් විසින් ඇතුළට ගැනීමට ඉඩ ලබානොදී තිබූ අතර මීට සුළු මොහොතකට පෙර පොලිසිය මැදිහත්වී අදාළ දුම්රිය එන්ජිම සංස්ථා පරිශ්‍රයට ඇතුළු කරගනු ලැබිණි.
පස්වරු 1.55
කොළොන්නාව තෙල් සංස්ථාවේ තෙල් බෙදාහැරීමට බාධා කරමින් උද්ඝෝෂණයේ නිරතව සිටි වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු සේවකයින් 8 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. එසේ අත්අඩංගුවට පත්වූ සේවකයින් අතර ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර මහතා ද වේ.
පස්වරු 1.25
(ඉන්දිකා රාමනායක)
තම සාකච්ඡා අසාර්ථක වුවත් දැනට සංස්ථාව ඇතුළත සිටින හමුදාව ඉන් ඉවත්වන්නේ නම් අත්‍යවශ්‍ය සේවා සඳහා තෙල් නිකුත් කිරීමට කටයුතු කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයෝ කියති.
පස්වරු 1.20
බණිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති නියෝජිතයන් සහ කොළොන්නාව තෙල් සංස්ථාවේ සභාපති ඇතුළු විධායක මණ්ඩලය සාකච්ඡාවක් ආරම්භ කළේය.
අදාළ සාකච්ඡාව සඳහා වෘත්තීය සමිති නියෝජිතයින් 9 දෙනෙක් එක්වී සිටිති.
පස්වරු 12.30
(ඉන්දිකා රාමනායක)
ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කොළොන්නාව නිමාව ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙන අතර කොළොන්නාව- දෙමටගොඩ ප්‍රධාන මාර්ගය වසා දැමීමට පොලිසිය පියවර ගෙන තිබේ.
කැරළි මර්දන ඒකක සහ ජල ප්‍රහාරක රථ හතරක් මේ වන විට එම ස්ථානයට කැඳවා ඇත.සේවකයින් සියළු දෙනා මාර්ගයට පැමිණ විරෝධතා කිරීම නිසා මෙම පියවර ගෙන තිබේ.
ගුවන් හමුදාව අද(26) අලුයම නිමාව තුළට රැගෙන ගිය දුම්රියට ඉන්ධන පුරවා ඇතත් එම දුම්රිය ඉන්ජිමට නිමාව තුළට යාමට ඉඩ නොදීම නිසා මෙම තත්ත්වය ඇතිව තිබේ.

