පාදයක බරපතල තුවාලයක් සහිත ඇත් පැටවකු අතුරුගිරිය ඔරුවල වානේ සංස්ථා ක්‍රිඩාංගණයේදී විදේශිකයන් වෙනුවෙන් පෞද්ගලික සංවිධානයක් විසින් සංවිධානය කර තිබු අලි පෝලෝ තරගයක යොදවා සිටියදී බස්නාහිර කලාප වනජීවී දෙපාර්තුමේන්තුවේ වැටලීම් ඒකකයේ නිලධාරීන් භාරයට ගැනිණි.
අලියාට බලපත්‍රයක් ඉදිරිපත් කිරීමට අයිතිකරු ලෙස පෙනී සිටි අලි රොෂාන් අසමත්වූ බව වනජීවී නිලධරයෝ කියති.
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අලි පැටවා නඩු කටයුතු නිමවෙන තෙක් පින්නවල අලි අනාථාගාරයට භාර දෙන ලෙස නියොගයක් ලබා දුන්නේය.
පින්නවල අලි අනාතාගාරයට එම අලි පැටියාව භාර දුන් බව වනඡිවී දෙපාර්තුමේනුතුවේ බස්නාහිර කලාප සහකාර අධ්‍යක්ෂක ඩබ්ලිවු.ඒ.ඩී.ඉන්ද්‍රජිත් මහතා පැවැසිය.
අලි පැටවා භාර දුන් අවස්ථාවේදී එහි පශු වෛද්‍ය වරුන් අලි පැටියා නිරික්ෂණය කර පැවසුයේ අලි පැටවාගේ ඉදිරි පස දකුණු කකුල් පතුලේ ගැඹුරු තුවාලයක් හා ඉදිරිපස වම් පාදය අසාමාන්‍ය ලෙස ඉදිමී ඇති බවත්ය. අලි පැටවා වන ජීවි භාරයට ගන්නා අවස්ථාවේදීද මෙම අලි පැටවාගේ තුවාලය හා කකුලේ අසාමාන්‍ය ඉදිමුම දුටු බවත් එසේ සිටියදී පෝලෝ ක්‍රීඩාවේ යොදවා ඇති බවත් වනජීවී දෙපාර්තුමේන්තුවේ පශු වෛද්‍ය සමන් ජයවර්ධන මහතා පැවැසීය.










