පොලිස් අණ නොතකා කොළඹ නුවර මාර්ගයේ ධාවනය වු මොටර් රථයක් මාර්ග බාධක දමා බැලුම්මහරදී අත්අඩංගුවට ගත් නමුත් ඉහළින් ආ නියෝගයකින් එම මෝටර් රථයත් රියදුරාත් දේශපාලනඥයකුගේ සහෝදරයකුත් අද (8) මුදා හළ බව පොලිස් ආරංචි කියයි.
මුලින්ම මේ මෝටර් රථය නතර කරන ලෙස පොලිසිය පස්යාල කලල්පිටියේදී සංඥා කළේය.ඒත් නතර කළේ නැත.පොලිස් යතුරුපැදියකින් ලුහු බැද ගියත් රිය නතර කැර ගැනීමට හැකි වුයේද නැත.යක්කල හන්දිය අසලදීත් වැරැල්ලවත්තේදීත් රිය නතර කැර ගැනීමට සංඥා කළත් එයද අසාර්ථක විය.
පොලිස් හදිසි ඇමැතුම් අංශයටද දැනුම් දී මාර්ග බාධකද යොදා බැලුම්මහරදී රිය නතරකරගත් නමුත් දුරකථනයකින් ආ නියෝගයකින් කාරයද එහි සිටි අයද මුදා හරින්නට සිදු විය.