තුන්පත් රෑන ගොඩ එද්දී ලේකම් ගහේ


කැකිරාව මහඇළගමුව  කොලොන්ගොල්ලේ වගා ළිඳකට පෙර දින මහා රාත්‍රීයේ කෑම සොයා ගම් වැදුණු  අලි තුන්පත් රෑනක් වැටුණාහ. මෙම සිද්ධිය දැක ගැනීමට ආ ගම්වාසීන්ගෙන්  අලි ගොඩ ගැනීමට ආ වනජීවි නිලධාරීන්ට බාධා එල්ල විය.

ඔවුන් අසළ ගස්වල නැග කෑ ගැසීම නිසා අලි රෑන කැලයට යැවීම ප්‍රශ්නයක් විය. කැකිරාව ප්‍රාදේශීය ලේකම් අතුල සෙනරත් බණ්ඩාර මහතාට ද මැදිහත් වී ඔවුන් ගස්වලින් බැස්ස වීමට ක්‍රියාකළේය.

අලි ගොඩ එද්දී කලබල වූ පිරිස් නැවතත් ගස් නැග්ගාහුය. කළ හැකි අන් දෙයක් නොවුයෙන් ප්‍රාදේශීය ලේකම් ටයි පටිය පිටින්ම ගස් නැග්ගේය.