තුන් බස උගැනීමේ වටිනාකම ග්‍රේරුට පෙනේ


සිංහල දෙමළ ජනතාව අතර  ප්‍රශ්නයක් නිර්මාණය කළේ බලලෝභී දේශපාලකයන් මිස දෙමළ ජනතාව නොවේ යැයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා පැවැසීය.

‘රත්මලාන කොතලාවලපුර විද්‍යාලයේ පුස්තකාලය විවෘත කිරීමේ උත්සවයේදී ඔහු මෙසේ ද කීය.

රජයේ ත්‍රි භාෂා ප්‍රතිපත්තියට අනුව දැන් දරුවන්ට භෂා තුනක්ම ඉගෙන ගන්න වෙනවා, සිංහල, , දෙමළ, ඉංග්‍රීසි  භාෂා තුන ඉගෙන ගැනීමෙන් හොද රැකියා ඉල්ලුමක් ද නිර්මාණය වෙනවා.

දැනුම ලබා ගන්න භාෂාව ඉතා වැදගත්.දෙමළ ජනතාවව අද සොයන සහෝදරත්වය ඉස්සරහට ගෙනයන්න නම් ශ්‍රි ලාංකික දරුවන් හැටියට ජාතික භාෂාව වන දෙමළ භෂාව ඉගෙනීමට යුතුකමක් හා වගකීමක් තිබෙනවා.

අපේ කාලයේ අපි පොත් වලට වඳිනවා. පොත් නොමිලේ දෙන නිසා දරුවන්ට වටින්නේ නැහැ.ඉස්සර ආණ්ඩුවෙන් අධ්‍යාපනය නොමිලේ දුන්නට අපි පොත් ගත්තේ සල්ලි වලට.එ නිසා වසර පුරා අපි ඒවා ආදරෙන් පරිස්සම් කළා.’

කොතලාවල පුර විද්‍යාලයේ විදුහල්පති සහ මේජර් ඩී.එම්.එල්.කේ. දිසානායක මහතා ද එහි සිටියේය.