(අමිල සම්පත් ශ්‍රී)
තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද (18) පෙරවරුවේ පැවති රැස්වීමකට සහභාගීවූ කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා එම ස්ථානයෙන් පිටව යද්දී ප්‍රාදේශිය ලේකම් කාර්යාල ඉදිරිපිට රැඳී සිටි පිරිසකගෙන් දැඩි විරෝධයක් එල්ල විය.
පෙරගමන් රථය සහ අමාත්‍යවරයාගේ රථය ප්‍රතිවිරුද්ධ දිසාවට ගමන් කරමින් එම විරෝධතාකරුවන් මගහැර අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටව ගියේය.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනය නියෝජනය කරන ගොවීන් පිරිසක් මෙලෙස විරෝධතා පුවරු ද රැගෙන පැමිණ විරෝධතාවය නිරත විය.
වීරවිල පසුසම්පත් මණ්ඩලයට අයත් ගොවිපල පිරිස්සීමේ චාරිකාවක් සඳහා ඉන්පසුව පිටත්වීමට නියමිතව තිබුණු අතර එම කටයුත්ත නතර කළ බව අමාත්‍යවරයාගේ ආරක්ෂක අංශයෙන් කළ විමසීමකදී සඳහන් කළේය.
එම ස්ථානයට පැමිණි තිස්සමහාරාම පොලීසිය සහ වීරවිල පොලිසියේ නිලධාරීන් දැඩි වෙහෙසක් දරා විරෝධතාකරුවන් පාලනය කර අතර විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම් වචන හුවමාරු සිදු විය.