තිස් ලක්ෂයත් නැහැ


 රුපියල්   තිස් ලක්ෂයක් තම ගමන් මල්ලේ පතුලේ සගවාගෙන කුවෙට්  බලා යාමට පැමිණි ශ‍්‍රී ලාංකිකයෙකු  අත්අඩංගුවට  ගත් රේගුව ඔහුට රුපියල් පන්ස් දහසක දඩයක් නියම කර,  එම මුදල් තොගය රාජසන්තක කළේය.

සැකකරු  කොළඹ පදිංචි 28 හැවිරිදි  පුද්ගලයෙකු බවත්  අදාල  දඩ මුදල සැකකරු විසින් නොගැවීම නිසා ඔහුව මීගමුව අදිකරණයට බාර දීමෙන් අනතුරුව  රිමාන්ඩි  බන්ධනාගාරගත කළ  බව රේගු මාධ්‍ය ප‍්‍රකාශත රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

සැකකරු පෙරේදා සවස ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 229 දරණ ගුවන්යානයෙන්  කුවෙට් බලා යාමට පැමිණි අවස්ථාවේ රේගු නිලධාරීන් සහ ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු රේගුවට පවසා ඇත්තේ මෙම මුදල්,  රුපියල් දස දහසක මුදල් කොන්ත‍්‍රාත්තුවක් මත  කුවේට් හි සිටින පුද්ගලයෙකුට  බාර දීම සඳහා මෙලෙස රැගෙන යාමට උත්සහ කළ බවකි.

මේ පිලිබඳ විමර්ශක කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් මත ගුවන්තොටුපොළෙ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ  අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතාගේ අධීක්ෂනය යටතේ රේගු අධිකාරිවරුන්වන එස්. චන්ද්‍රසේන, පී.එස් නුගවෙල සහ සහකාර රේගු අධිකාරීවරුන්වන ජේ.කේ.එන් පෙරෙරා, ලලිත් රණතුංග, එස්.එම්.එස්  තිසේරා, කේ.කේ.ඞී ප‍්‍රියදර්ශන, එ.එල්.එම් ෆපීර් යන නිලධාරීහු සිදු කරති.