තිස් කෝටියක දියමන්තිය බඩෙන් එළියට
ඇමෙරිකා ඩොලර් ලක්ෂ 23ක් (රුපියල් තිස්කෝටි තිස්හය ලක්ෂයේ) වටිනා ඔපදැමූ දියමන්ති ගල් 220 ක් ගිල ඩුබායි බලා යෑමට පැමිණි තරුණයෙක් පසුගිය අඟහරුවාදා දකුණු අප්‍රිකාවේ ටැම්බෝ ජාත්‍යාන්තර ගුවන් තොටුපොළෙදී පොලිස් අත්අඩංගුවට පත්විය.
ඔහු 25 හැවිරිදි විදෙස් ජාතිකයෙකි. ඩුබායි බලා යන ගුවන් යානයට ගොඩවන්නට ඔන්න මෙන්න කියා තිබියදී ඔහු පිළිබඳ සැක සිතූ ගුවන් තොටුපළ බලධාරින් තරුණයාව ස්කෑන් පරීක්ෂණයකට යොමු කෙළේය. එහිදී විශාල ගල් තොගයක් උදරයේ තිබෙණු දුටු බළධාරීන් විරේකයකින් පසුව එම දියමන්ති සියල්ලම එළියට ගත්තේය. ලෝකයේ වටිනාම දියමන්ති ඇති දකුණු අප්‍රිකාවෙන් හොරෙන් දියමන්ති පිට කරන සංවිධානාත්මක හොර කල්ලියකට මෙම පුද්ගලයා අයත් දැයි ජොහැන්නස්බර්ග් පොලිසිය පරීක්ෂණ පවත්වයි.

