තියුණු ආයුධවලින් කපාකොටා දෙදරු පියකු ඝාතනය කරයි


(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

තියුණු ආයුධවලින් කපාකොටා ගොඩිගමුව ප්‍රදේශයේ නිවසක් තුළ දී දෙදරු පියකු ඝාතනය කර ඇතැයි මොරගහහේන පොලිසිය පවසයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කීරගල, කුරුවිට ප්‍රදේශයේ පදිංචිව සිටී රුවන් ශාන්ත නැමැති 44 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.

මියගොස් ඇති තැනැත්තා කුරුවිට ප්‍රදේශයේ සිට ගොඩිගමුව , කොස්ගහවත්ත ප්‍රදේශයේ පිහිටි සිය වැඩිමහල් සොහොයුරියගේ නිවසට පැමිණ සිටියදී ආරවුල සිදුව ඇත. නිවසට පැමිණි ඝාතකයන් තියුණු ආයුධ වලින් පහරදී ඇති බවත් හිසේ සහ ශරීරයේ තුවාල විශාල ප්‍රමාණයක් සහිතව නිවසේ කාමරයක් තුල උඩුබැලි අතට වැටී සිටි බවත් පොලිසිය පවසයි.

ඝාතකයින් නිවසේ දේපල වලටද හානි සිදුකර ඇති අයුරු දැකගත හැකිවිය .

පානදුර පොලිස් කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් එදින රාත්‍රියේම පරීක්ෂණ සිදුකරන ලදී .