පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 196 ක් ලබා ඉහළින්ම සමත්වූ අංජලී උපේක්ෂා මධුවන්ති රත්නායක තලාතුඔය කනිටු විදුහලේ ශිෂ්‍යාවට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේදී අද තෑගි බෝග පිරිනැමිණි.
මේ ශිෂ්‍යාව ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට කැඳවීමට මුල්වූයේ රිච්මන්ඩ් විදුහලේ කිසර සදලුක කොඩිතුවක්කු ශිෂ්‍යයා ද ලකුණු 196 ක් ලබා මධුවන්ති සමග සම තත්තවයට පැමිණීමයි. රිච්මන්ඩ් ආදි ශිෂ්‍ය සංගමය සිය අධ්‍යාපනයෙන් විශිෂ්ඨයන් වන සිය පාසල් සිසුන්ට පිරිනමන රුපියල් ලක්ෂයක මුදල කිසරගේ සහ ඔහුගේ දෙමාපියන්ගේ ද අදහසකට අනුව තලාතුඔය ශිෂ්‍යාවට පිරිනැමීය. රිච්මන්ඩ් විදුහලේ සහෝදර පාසලක් වන මහින්ද විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය ද මේ සිසුවියගේ සරසවි අධ්‍යාපනය අවසන්වනතුරු ශිෂ්‍යත්වයක් ද පිරිනැමීය.
නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සැළකෙන රිච්මන්ඩ් ආදි ශිෂ්‍ය ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මහතා අනුස්මරණය කරමින් පැවැති උත්සවයක් අතරතුර මෙම ත්‍යාග ප්‍රධානය කැරිණි. මහාචාර්ය ටී.කේ.එන්.පී. ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතාගේ සහභාගීත්වයෙන් පැවැති මෙම උත්සවය සඳහා රිච්මන්ඩ් විදුහල්පති කර්නල් ඊ.එම්.එස්.ඒකනායක මහතා තලාතුඔය කනිටු විදුහලේ විදුහල්පති වයි.එම්.ඒ.ජී.මුතුබණ්ඩා මහතා ඇත්‍රුඑ විශාල පිරිසක් සහභාගී වී සිටිති.