මූල්‍ය කඩා වැටීමකට ලක්ව ඇති සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ් (සී අයි එෆ් එල්) ආයතනයේ මුදල් තැන්පත්කරුවන්ගේ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ ලිප්ටන් වටරවුමේදී අද පැවැත්විණි.
ආයතනයේ සිදුව ඇතැයි කියන මූල්‍ය වංචාව හේතුවෙන් සියලු තැන්පත්කරුවන්ගේ තැන්පතු ආපසු ගෙවීම පැහැර හැරීම නිසා ඔවුන් මෙසේ විරෝධය පෑමට එක්ව සිටි අතර ඔවුන් නව නගර ශාලාවේ විශේෂ රැස්වීමක් ද පවත්වා එතැන් සිට පා ගමනින් පැමිණ උද්ඝෝෂණයක් ද පැවැත්වූහ.
රජය මැදිහත් වී ශ්‍රී ලංකා මහ බැංකුව මගින් සාධාරණ විසදුමක් ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියහ.