
තායිවානයේ තායිපේ අගනුවර දුම්රිය ස්ථානයක සිදුවූ පිහි ඇනුමකින් සහ දුම් බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි පැවැසෙයි.
මෙම පපිහි ප්‍රහාරයත්, දුම් බෝම්බ ප්‍රහාරයත් එල්ල වූයේ කාර්යබහුල වේලාවකය. ප්‍රහාරයෙන් තවත් 11 දෙනකු තුවාල ලබා ඇති බව පැවැසෙයි.
27 හැවිරිදි චැං නම් පුද්ගලයකු ප්‍රහාරය සිදුකර ඇති බවට හදුනාගෙන ඇති අතර, පොලිසිය පෙරළා කළ වෙඩි තැබීමකදී, මෙම තැනැත්තා වහලයකින් ඇද වැටී මිය ගිය බව ද වාර්තා වේ.

