තානාපතිවරයෙක් අමාත්‍යාංශ ලේකම්වරු සිවුදෙනෙක් උසස් නිලතල කමිටුවට


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා සහ  අමාත්‍යාංශ ලේකම්වරු සිවු දෙනෙක්  පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට කැඳවනු ලැබ සිටිති.

ඔවුන් මෙසේ කැඳවනු ලැබ ඇත්තේ  ඒ අයගේ සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහාය.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි මනෝරන්ජන් පෙරේරා, සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය එන්,ඩී  ගුණවර්ධන සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම්  පීඑච් රත්නායක  පාර්ලිමේන්තු උසස් නිලතල පිළිබඳ කාරක සභාවට කැඳවනු ලැබ සිටින නිලධාරීන්ය.