තානාපති කාර්යාලේ මගුලක්
ඉතාලියේ රෝම අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ විවාහයක් ලියාපදිංචි කිරීම නිසා අද එහි රාජකාරි පැය එක හමාරක් පමා විය. රෝමයේ සිටින ශ්‍රි ලාංකික ව්‍යාපාරිකයකගේ නෑයකුගේ විවාහයක් එහි කොන්සියුලර් අංශයේ අද ලියාපදිංචි කැරිණි. තානාපති කාර්යලයය පෙරවරු 9.30ට මහජන කටයුතු විවෘත කළ යුතු නමුත් අඟහරුවාදා විවෘත කැරුණේ පෙරවරු 11ටය එහි ආ ශ්‍රී ලාංකිකයනට එතෙක් රස්තියාදු වීමට සිදුවිය. මේ ගැන විමසීමට තානාපති අසිත පෙරේරා මහතා සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.
නම හෙළි නොකළ නිළධාරිනියක පැවැසුයේ විවාහයක් සිදු වූ නමුත් වැඩකරවා ගැනීමට ආ සියලු දෙනාගෙම වැඩ කැරදුන් බවයි. කිසිවකුටත් හිස් අතින් ආපසු යෑමට සිදු නොවු බවයි.

